ගිල්ගිට් සහ මුසාෆරාබාද් හි ඇමරිකානු මිතුරන්ගේ එකමුතුව මගින් වොෂින්ටන්හිදී ඉකුත් දා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබෙනවා.
ඒ සඳහා එම එකමුතුව නියෝජනය කරන කතුවරුන්, දේශපාලන ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගි වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එහිදී පකිස්තානයේ දේශපාලන අර්බුධය සහ ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇතැයි සඳහන්.
එමෙන්ම දැඩි අවධානයක් යොමුව ඇත්තේ පවතින පාලන තන්ත්‍රය යටතේ පකිස්තානය සිය අසල්වැසියන් සමඟ පවතින සබඳතා පිරිහීම සම්බන්ධවයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ගිල්ගිට් සහ මුසාෆරාබාද් හි ඇමරිකානු මිතුරන්ගේ එකමුතුව ප්‍රකාශ කළේ කලාපය තුළ චීනයේ ව්‍යාප්ත වන බලපෑම, විශේෂයෙන් පකිස්ථානය සහ අසල්වැසි ප්‍රදේශ පුරා ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් කෙරෙහි එහි බලපෑම මගින් එල්ල කරන ලද බහුවිධ අභියෝග කෙරෙහි මෙම රැස්වීමේදී අවධානය යොමු කළ බවයි.
එම උත්සවයේ ප්‍රධාන කථිකයා වූයේ චීනයේ කොමියුනිස්ට්වාදයේ ඓතිහාසික නැගීම සහ රට තුළ ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් කෙරෙහි එහි ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධයක් ලබා දුන් බ්‍රැඩ්ලි තයර් ය.
Xinjiang හි චීනයේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති සහ Uyghur ප්‍රජාවන් කෙරෙහි එහි ප්‍රතිවිපාක මෙන්ම මෙම ක්‍රියාවන්හි පකිස්ථානයේ හවුල්කාරිත්වය ද එහිදී දැඩිව සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
ලඩාක් සහ ඉන්දියාව වැනි අසල්වැසි ප්‍රදේශවලට මෙන්ම චීනයේ ටිබෙටය ආක්‍රමණය කිරීමේ අස්ථාවර බලපෑම් සම්බන්ධයෙන් එහිදී දැඩි අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ