Tuesday, February 25, 2025

General line - 0115112241

ආපදා මරණ 26ක් දක්වා ඉහළට - කැලණි සහ නිල්වලා ගංඟා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර මට්ටම පහළට



පවතින ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආපදාවලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමද පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහිදී කියා සිටියේ මේ වන විට වාර්තා වී ඇති ආපදා මරණ ගණන 26ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලටද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබා දුන්නා.