Saturday, March 29, 2025

General line - 0115112241

ප්‍රධාන ගංගාවල ගංවතුර අවදානම අඩුවෙයි



පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය අඩු වීමත් සමග කළු, කැලණි, ගිං, නිල්වලා යන ගංඟා සහ අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශවල ඇති වූ ගංවතුර තත්ත්වයද මේ වන විට අඩු වෙමින් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු, ගිං සහ නිල්වලා ගඟේ පැවති මහා ගංවතුර අවදානමද අඩුවෙමින් ඇති බවයි.

කෙසේවෙතත් කැලණි ගඟේ නාගලගංවීදිය සහ කළු ගඟේ රත්නපුර සහ මගුර තවමත් ඇත්තේ අවදානම් තත්ත්වයකයි.

එහෙත් එහි ජල මට්ටමද අඩුවෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.