Tuesday, February 25, 2025

General line - 0115112241

සමාජ මාධ්‍ය කැළඹූ කුඩා දරුවෙකුට පහරදීමේ වීඩියෝවේ සිටි තිදෙනෙකු අත්අඩංගුවට



සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා දරුවෙකුට පහරදෙන විඩියෝවට අදාළ පළාගිය පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අද අලුයම පුල්මුඩේ, අරසිමලේ ප්‍රදේශයේදීයි. වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුල්මුඩේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරන ලද මෙහෙයුමකින්.

අත්අඩංගුවට ගත් පිරිස සමග වයස අවුරුදු 4ක පහරකෑමට ලක්වූ වින්දිත පිරිමි දරුවාද සිට තිබෙනවා.

නිරුපද්‍රිතව සිටි එම දරුවා පොලිස් භාරයට පත් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධව වැලිඔය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.