ජාවාරම් කිරීම සඳහා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ බුද්ධි මෙහෙයුම් ඒකකයෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදීයි.
එම වැටලීමේදී රුපියල් ලක්ෂ පහකට ආසන්න දුම්වැටි 6,000ක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි වියේ පසුවන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.