කටුනායක ගුවන් තොටුපොළ තුළ ඇති රථ ගාල් තුළ රැදී සිටිමින්, ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් රැගෙන එන විදේශීය මත්පැන් බෝතල් අඩු මිලට ලබා ගත් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සිදු කළ වැටලීමකදීයි. එම වැටලීමේදී ඔහු විසින් මිළට ගත් රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා මත්පැන් බෝතල් 107ක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මෙම විදේශීය මත්පැන් බෝතල් ලබා ගෙන වෙනත් පිට පළාත්වල හෝටල් වැනි ආයතන වෙත වැඩි මිළකට අලෙවි කරන බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.