යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව එම පනත හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමත කිරීමට ඉදිරිපත් කරනු ඇති.
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු එම නව විදුලිබල පනත, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අනුව ඉදිරිපත් කළ සංශෝධන අනුගත කරමින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද සඳහන්.
මේ අතර විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
මේ අතර “සර්වජන බලය” එකමුතුවට අයත් දේශපාලන පාර්ශව 07ක් යෝජිත විදුලි පනතට එරෙහිව පාර්ලිමේන්තුව වටරවුම අසල අද සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා.