සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන, කුඩා දරුවෙකුට පහරදෙන විඩියෝවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, එම සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කුකුල් චමින්ද නැමැත්තා සහ කාන්තාවන් දෙදෙනා අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ පුල්මුඩේ, අරසිමලේ ප්‍රදේශයේදීයි.
පුල්මුඩේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරන ලද මෙහෙයුමකින් වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔවුන් එලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී පහරකෑමට ලක්වූ කුඩා දරුවා පරිවාස භාරයට පත්කර තිබෙනවා. සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර ඇත්තේ වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්, 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.