Tuesday, February 25, 2025

General line - 0115112241

ඉන්දීය අගමැති මෝදිගේ දිවුරුම්දීම සෙනසුරාදා



ඉන්දීය මහමැතිවරණයෙන් ජයග්‍රහණය හිමි කර ගත් නරේන්ද්‍ර මෝදි ජුනි 08 වන දින අග්‍රාමාත්‍ය ධුරය සඳහා දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමේ උත්සවය ද එදිනම සිදුවනු ඇති.

නරේන්ද්‍ර මෝදි මෙලෙස සිය බලය තහවුරු කර ගත්තේ තුන්වන වරටයි.

නරේන්ද්‍ර මෝදී පවසන්නේ මෙම ජයග්‍රහණය ලෝකයේ විශාලතම ජයග්‍රහණය වන බවයි.

ඉන්දීය  මහමැතිවරණයෙන් ජය ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වුවද ඔවුන්ට ඉන්දීය ලෝක් සභාවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්.

එලෙස ඔවුන්ට බහුතර බලය අහිමි වූයේ වසර 10කට පසු පළමු වරටයි. 

මේ අතර නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් තේරී පත් තිබීම විශේෂත්වයක්. 

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වීමට පෙර ඉන්දියාවේ කොටස් වෙළඳපොළ අගයන් සියයට 06කින් කඩා වැටුණා.

එය වසර හතරක් තුළ කොටස් වෙළඳපොලේ සිදුවූ දරුණුතම කඩාවැටීම වන අතර ඩොලර් බිලියන 386කට අධික ප්‍රමාණයක් එහිදී අහිමි වී තිබෙනවා. 

ඉන්දීය මහමැතිවරණයෙන් ජයග්‍රහණය හිමි කර ගත් නරේන්ද්‍ර මෝදි වෙත ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයින් සිය සුභාශිංසන පළ කර තිබුණා.