Thursday, April 17, 2025

General line - 0115112241

සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප කිහිපයක පාසල් හෙටත් වැසෙයි



පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර අධ්‍යාපන කලාපයේ කොට්ඨාස කිහිපයකට හෙට දිනයේ පාසල් නොපැවැත්වෙන බව අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.

එහි ලේකම් බී ඒ සී පී බමුණුආරච්චි පැවසුවේ රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර, කුරුවිට සහ ඇහැළියගොඩ කොට්ඨාසවලට අයත් සියලුම පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපය තුළ ඇලපාත සහ අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි.

හෙටින් පසු ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම පිළිබඳ තීරණයක් ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.