Tuesday, February 25, 2025

General line - 0115112241

කළුතර ගංවතුර පාලනයට මෝයකට පුළුල් කෙරේ

සම්පත් කුලරත්න



කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කළුතර මෝය පුළුල් කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්.

කළුතර නගරයෙන් මුහුදට වැටෙන කළුතර ගඟේ මෝය පුළුල් කිරීමේ කටයුතු මෙලෙස ආරම්භ කෙරුණේ ඊයේ පස්වරුවේ සිටයි.

කළු ගඟේ ජලය මුහුදට ඉතාමත් වේගයෙන් ගලායාමට ඉඩ සැලසීම මෙම මෝය පුළුල් කිරීමේ අරමුණයි.

ගංවතුර තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 6,225කට බලපෑම් එල්ල වුණා.