මත්පැන් පානය කර යතුරු පැදියක් ධාවනය කර අනතුරක් සිදු කළ බව කියන පොලිස් සැරයන්වරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.
ඒ, ඊයේ රාත්‍රියේ නාත්තන්ඩිය - දංකොටුව මාර්ගයේ බෝතලේගම මංසන්ධියට ආසන්නයේදීයි. අනතුර සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර පොලිස් සැරයන්වරයා මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අනතුරින් යතුරු පැදිකරුවන් දෙදෙනාම සුළු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.