Tuesday, February 25, 2025

General line - 0115112241

උගන්ඩා ක්‍රිකට් ඉතිහාසගත වෙයි



සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු අන්තර්ජාතික ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කිරීමට උගන්ඩාව සමත් වුණා.

ඒ, මේ වන විට පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදීයි.

එහිදී උගන්ඩාව හමුවේ පරාජයට පත් වූයේ පැපුවානිව්ගිනියා කණ්ඩායමයි.

උගන්ඩා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියකට එක්වන පළමු අවස්ථාවද මෙය වනවා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවානිව්ගිනියාව ලකුණු 77කට සීමා කළ උගන්ඩාව එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 07ක් පමණක් දැවී සිටියදීයි.