ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින පසුබිමක වසංගත රෝග අවදානම ක්‍රමයෙන් හිස ඔසවමින් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය තිලංග රුවන් පතිරණ පැවසුවේ ගංවතුර හේතුවෙන් යම් රෝගී තත්ත්වයක් ඇතිවී තිබේ නම් වහාම ප්‍රතිකාර ගබා ගන්නා ලෙසත් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් ජීවිත පවා අහිමි විය හැකි බවයි.
ගංවතුරට යටවූ ගොඩනැගිලිවල නැවත පදිංචි වීමට පෙර ඒවායේ ශක්තිමත්භාවය පරික්ෂා කරන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.
ජලය බැස යා මෙන් පසු පොළොව ලිස්සා යෑම සහ විදුලිසර වැදීම පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසද මෙහිදී දැනුම් දුන්නා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජයමාන්න පැවසුවේ වැසි තත්ත්වය අඩු වුවද තද සුළං අවදානම තවමත් පවතින බවයි.