Tuesday, February 25, 2025

General line - 0115112241

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්



ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාසලකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලා ආ පුද්ගලයන් සිය ගණනක් රඳවා සිටි මෙම පාසලේ පිහිටුවා තිබූ නුසෙයිරාට් සරණාගත කඳවුරටයි.

කෙසේවෙතත් මෙම පාසල එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් බවටයි පැවසෙන්නේ. මෙම ප්‍රහාරය හේතුවෙන් 27කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 32කට අධිකයි. 

විදෙස් මාධ්‍ය පැවසුවේ ඊශ්‍රායල යුද ගුවන් යානයක් පාසලේ ඉහළ මහලේ පන්තිකාමර වෙත මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවයි.

ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විටද ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් විපතට පත් වුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. 

මෙය බිහිසුණු සමුල ඝාතනයක් බවයි හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කරන්නේ.