වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම අද ආරම්භ කෙරුණා.
ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියනයක්.
2024 වර්ෂයේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද පැවැත්වුණේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දීයි.
ඒ අනුව 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීම මේ යටතේ සිදු වනවා.
ඒ අනුව එක් සිසුවියකට රුපියල් 1,200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ඇති.
එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට නියමිතයි.
මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි වනවා.