Tuesday, February 25, 2025

General line - 0115112241

පාසල් ළමුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

එම් කේ නන්දසේන



පාසල් ළමයින් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා සඟවා තිබූ මදන මෝදක ගුලි 975ක් සහ විදේශීයව නිෂ්පාදිත දුම්වැටි 3,000ක් සමග වෙළඳසැල් හිමියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බෙරලිහෙළ හතර කොළණිය ප්‍රදේශයේදී තිස්සමහාරාම පොලීසිය විසින් සිදු කළ වැටලීමකදීයි. මාස පහකට ආසන්න කාලයක සිට අදාළ වෙළඳසැළ තුළ මත්ද්‍රව්‍ය අලෙවිකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් එම වෙළඳසැළට මත්ද්‍රව්‍ය බෙදාහරින බව අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

එම සැකකරු තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.