Tuesday, February 25, 2025

General line - 0115112241

වාද විවාද මැද විදුලි බල පනත සංශෝධන සහිත සම්මත වෙයි



ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.

එම පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ඡන්ද විමසීමක් පැවැති අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමිවුණා. පනත් කෙටුම්පතට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 59ක්.

ඒ අනුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 44කින් සම්මත වුණා.

පනත් කෙටුම්පත තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථවේදී සංශෝධන කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුවයි සම්මත කර ගැනුනේ.

මෙම පනත් කෙටුම්පත අද දිනයේ විවාද කර හදිසියේ සම්මත කර නොගන්නා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා සිටි අතර එහිදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.

එම විවාදයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අදහස් පළ කළේ මෙලෙසයි.

විපක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මෙලෙස අදහස් පළකළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විවාදයට එක්වුණා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද විවාදයට එක්වුණා.