Tuesday, February 25, 2025

General line - 0115112241

දුම්රිය රියදුරන් පිරිසක් වර්ජනයක



ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ අනුව දුම්රිය ධාවනාගාර දෙකකින් ධාවනය කෙරෙන දුම්රිය අද දිනයේ ධාවනය නොවන බවයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්හි ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ.

වර්ජනයක නිරත වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද ඔහු කරුණු දැක්වූවා.

කෙසේවෙතත් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිය සංගමයේ විධායක කමිටුව රැස්ව තීරණයක් නොගත් බව එම සංගමයේ සභාපතිවරයා පවසනවා.

සංගමයේ ලේකම්වරයාගේ තීරණයක් මත ඔවුන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් එය වෘත්තීය සමිති නීතිරීතීවලට පටහැනිව සිදුවන වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවත් ඔහු කියා සිටියා.

දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල මඟින් ධාවනය වන කෙටි දුම්රිය ගමන්වාරවලට පමණක් බලපෑම් එල්ලවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් කොළඹ බලා ධාවන වීමට නියමිත දුම්රිය බලවේග කට්ටල පෙරවරුවේ ධාවනය වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.