Tuesday, February 25, 2025

General line - 0115112241

පානීය ජලය ගැන සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්



අයහපත් කාලගුණික තත්ත්වය බලපෑම හේතුවෙන් බෝ වන රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින් මේ දිනවල ජලය පානය කිරීමේදී හා ආහාර ගැනීමේදී වඩාත් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන පවසනවා.

මෙම දිනවල අමු එළවළු සහ පලා වර්ග අනුභව කිරීමෙන් හැකිතාක් වැළකීම ඉතා සුදුසු බවයි නෙත් නිවසු වෙත ඇය කියා සිටියේ. 

පැතිරයාමේ වැඩි ඉඩක් ඇති බෝවන රෝග මොනවාද?

ජලයෙන් යටවූ ළිං භාවිත කරන ජනතාව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ.  

ඉකුත්දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ජලයෙන් යටවූ ඇතැම් ප්‍රදේශවල ජලය තවමත් බැස ගොස් නැහැ.