Tuesday, February 25, 2025

General line - 0115112241

පොසිල ඉන්ධන වෙළඳ දැන්වීම් තහනම් කළ යුතු බවට අනතුරු ඇඟවීම්



ලොව පුරා පවතින පොසිල ඉන්ධන වෙළඳ දැන්වීම් තහනම් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අනතුරු අඟවා තිබෙනවා.

ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ දේශගුණික විපර්යාසවලින් ජනතාව ගලවා ගැනීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දේශගුණය උණුසුම් වීමේ වේගය වැඩි වෙමින් පවතින  බව නවතම අධ්‍යයනවලින් අනාවරණයවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවසා ඇත්තේ පොසිල ඉන්ධන කර්මාන්තය සීමා කල යුතු බවයි.

එමෙන්ම පොසිල ඉන්ධන සමාගම්වල වෙළඳ දැන්වීම් තහනම් කරන ලෙස සෑම රටකින්ම ඉල්ලා සිටින බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. 

මිනිස් ක්‍රියාකාරකම් හමුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ වේගය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා. මෑත වකවානුවේ වාර්තාවූ උණුසුම්ම වසර වූයේ ද පසුගිය වසරයි.