Thursday, May 8, 2025

General line - 0115112241

බුත්තලට අයිස් මත්ද්‍රව්‍ය බෙදූ තරුණයෙකු STF අත්අඩංගුවට



බුත්තල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි තරුණයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුක් මත හිගුරුකඩුව, කොට්ටගස්ලන්ද ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19යි මිලිග්‍රෑම් 630ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හිගුරුකඩුව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.