දුම්රිය රියදුරන් පිරිසකගේ වැඩ වර්ජනය හේතුවෙන් මේවන විට දුම්රිය ගමන් වාර 32ක් අවලංගු වී තිබෙනවා.
පස්වරුවේ තවත් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු විය හැකි බවටයි වර්ජනයේ නිරත දුම්රිය රියදුරු සංගමය පවසන්නේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්හි ලේකම් එස් ආර් සී එම් සේනානායක.
කෙසේවෙතත් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිය සංගමයේ විධායක කමිටුව රැස්ව තීරණයක් නොගත් බව එම සංගමයේ සභාපතිවරයා පවසනවා.
සංගමයේ ලේකම්වරයාගේ තීරණයක් මත ඔවුන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් එය වෘත්තීය සමිති නීතිරීතීවලට පටහැනිව සිදුවන වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවත් ඔහු කියා සිටියා.
ඊටද ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්හි ලේකම් එස් ආර් සී එම් සේනානායක අදහස් පළකළා.