Tuesday, February 25, 2025

General line - 0115112241

මාතලේ සහ කොළඹ කෘතීම හොකී පිටි මසක් තුළ විවෘත කිරීමට අවදානය



මාතලේ කෘත්‍රිම හොකී පිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකී පිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසනවා.

වසර කිහිපයක් නතර වී තිබූ එම කෘත්‍රිම හොකී පිටි නවීකරණය කටයුතු මේවන විට සිදුකරමින් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට‘ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මෙම අදහස් පළකළා.