ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.
නිවස පිරිසිදු කර ගැනීම ආදී කටයුතු වෙනුවෙන් එම මුදල ලබා දෙන බවත්, ආපදා තත්ත්වයෙන් අර්ධ හා පූර්ණ හානි සිදු වූ සියලු නිවාස හා ගොඩනැගිලි පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියා.
ඒ, අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වෙමින්.
ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සාකච්ඡා කර, ගංවතුරට ලක් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් කඩිනමින් ලබාදීමට තීරණය කළා.
ඒ වගේම අර්ධ හා පූර්ණ නිවාස හානි සොයා බලා එම පවුල් වෙත තවත් වන්දි මුදලක් ලබාදීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.