Tuesday, February 25, 2025

General line - 0115112241

අද සිට යළි වැසි වැඩිවෙයි



දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.


මේ අතර පසුගිය දින කිහිපය පුරා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගං වතුර තත්ත්වය මෙතෙක් පහව ගොස් නැහැ.

ඒ අනුව, එම ප්‍රදේශවල ඇතැම් නිවාස තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.