එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ අනතුරක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
ඒ, එම දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීම හේතුවෙන්.
එම මෝටර් රථය බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ පළමුව ගැටී ඉන් අනතුරුව කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බවයි දුම්රිය පාලක මැදිය පැවසුවේ.
මේ හේතුවෙන් දුම්රිය මාර්ග දෙකම අවහිර වී තිබෙනවා.
අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.