Thursday, April 25, 2024

General line - 0115112241

පාසැල් දැරියයි ‘තවත් හතරකුයි බිළිගත්’ නියපොත්තා හසුවේ(PHOTOS)




වැල්ලවාය හම්බෙගමුව ප්‍රදේශයේදී පසුගියදා නව හැවිරිදි පාසැල් දැරිය බිලිගත් නියපොත්තා නැමැති වන අලියා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(23) අල්ලා ගෙන තිබෙනවා.

මෙම දැරියට අමතරව තවත් මිනිස් ජීවිත 4ක් මෙම වන අලියා විසින් බිලිගෙන ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

වනජීවී පශු වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මකීර්තිගේ මෙහෙයවීම මත 21 දෙනෙකුගෙන් සමන්විත දකුණු පළාතේ අලි ඇල්ලීමේ වනජීවී කණ්ඩායම මේ සඳහා සහභාගී වී ඇති අතර අල්ලාගත් වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනයාමට පියවර ගෙන තිබෙනවා.

unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5)