එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇති කාන්තාව 34 හැවිරිදි වියේ පසුවූ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.
දුම්රිය අනතුරෙන් මියගිය වයස අවුරුදු 54ක් වූ අනෙක් පුද්ගලයා බියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ඔවුන් ගමන් ගත් මෝටර් රථය ධාවනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී තිබෙනවා.
ඒ අනුව එම මෝටර් රථය බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ පළමුව ගැටී ඉන් අනතුරුව කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ දුම්රියේ ද ගැටී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.
ඒ අනුව අනතුරට ලක්වූ මෝටර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන තෙක් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය නතර වී තිබුණා.