Thursday, April 17, 2025

General line - 0115112241

වැස්ස තව කොච්චර කල් තියෙයිද ? - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්



දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.

සැප්තැම්බර් මාසය දක්වා නිරිත දිග මෝසම සක්‍රීයව පවතිනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස්.


නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින වටා වන මුහුදේ කාලගුණය සම්බන්ධයෙන් ද අදහස් පළකෙරුණා.