Wednesday, February 26, 2025

General line - 0115112241

අදත් දුම්රිය ගමන් වාර 65ක් අවලංගු වෙයි



සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදීම පසෙකලා වෙනත් ක්‍රම හරහා දුම්රිය ධාවනය කිරීමට බලධාරින් පියවර ගැනීමට උත්සාහයක නිරත වන බවට වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන් පවසනවා.

බලධාරින් එලෙස කටයුතු කිරීමට උත්සාහ කළත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි එම සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ.


ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන් පිරිසක් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිටයි.

ඒ අනුව අද දිනයේ ද දුම්රිය ගමන් වාර 65ක් පමණ අවලංගු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.