ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා ආසන බලමණ්ඩල විශාල ප්‍රමාණයක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
සිය රැලිවලට පැමිණෙන පාක්ෂිකයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව සිටින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
සමගි ජන බලවේගයේ නායකත්වය සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළවුණා.
සන්ධානගත වන දේශපාලන පක්ෂ මෙවරද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේ.