Wednesday, February 26, 2025

General line - 0115112241

ගුණතිලක රාජපක්ෂට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී



පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසනවා.

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් එම ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට අදාළ පහරදීම සිදුවන අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් එලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් එම පහරදීම සිදුකළ බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා කොටුව පොලිසිය හමුවේ පැමිණිල්ලක් සිදුකළා.

එමෙන්ම තමන්ට පහරදුන් බවට ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ද පොලිසිය හමුවේ ලිඛිතව පැමිණිල්ලක් කර තිබුණා.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මීට පෙර කියා සිටියේ තමන් විසින් එලෙස පහර දීමක් සිදු නොකළ බවයි.