මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බන්ධනාගාර නියාමකවරයෙකු නිවිතිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රත්නපුර - කලවාන ප්‍රධාන මාර්ගයේ ගැටනිගවත්ත ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධකයක් යොදා සිදුකල වැටලීමකදීයි.
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබෙනවා.
සැකකරු යතුරු පැදියකින් ගමන් කර සිටියදී සිදුකල පරීක්ෂාවකදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයට අනියුක්තව සේවය කරන නියාමකවරයෙක්.
කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති සැකකාර නියාමකවරයා අයිස් මත්ද්‍රව්‍ය පානයට ද ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
සැකකාර නියාමකවරයා හෙට දිනයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.