රැඳවියන් සමඟ සබදතා පැවැත්වූ බව කියන ජේලර්වරයෙකු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එලෙස චෝදනාවට ලක්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයට අනියුක්තව රාජකාරි කළ ජේලර්වරයෙක්.
ඔහු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් සමඟ සබදතා පවත්වමින් අයථා ක්‍රියාවන්ට සම්බන්ධ බවට බුද්ධි අංශ නිලධාරින් විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබුණා.
ඒ අනුව අදාළ ජේලර්වරයා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කළ බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.