පොළොන්නරුව ඇතුමල් පිටියේ ප්‍රාථමික විද්‍යාලයේ පහ වසර ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අද පෙරවරුවේ පිළිසුම් තුවාල ලබා පොළොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
විභාගයක් පවත්වා අතරතුර විනාඩි 5ක විවේක කාලයක් ලබා දී ඇති අතර එහිදී පාසලේ දෙමව්පියන් කැලිකසල එකතුකර යම් තැනක ගිනි තබා ඇති අවස්ථාවක් දැක එම ස්ථානයට ගොස් ගිනිගෙන අවසන් වෙමින් තිබූ ගිනිගොඩට එක ශිෂ්‍යයකු අනික් සිසුවා ඔසවා විසිකිරීමට තැත් කිරීමේදී දෙදෙනාම එය මත වැටී ඇති බවයි ඇතුමල්පිටිය කනිෂ්ට විද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ
සිසුවෙකුගේ අත් සහ පාද පිලිස්සී ඇති අතර අනිත් සිසුවාගේ දෑගිලි එක අතක පමණක් පිලිස්සී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ පිලිසුම් තුවල ලැබූ එක සිසුවකු ශල්‍ය කර්මයක් සඳහා ශල්‍යාගාරයට යවා ඇති බවත් අනෙක් සිසුවාගේ තත්ත්වය බරපතල නොමැති බැවින් ඔහු නිවෙස් බලා පිටත් කිරීමට සූදානම් කර ඇති බවයි.