Friday, March 28, 2025

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිති අදත් වර්ජනයේ - දුම්රිය වාර 35ක් අවලංගු වෙයි

එන් ඒ ඩබ් නිරෝෂන් 



දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ දුම්රිය ගමන් වාර 35ක් පමණ අවලංගුවී තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන් පිරිසක් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිටයි. 

ඒ අනුව ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 30ක් අවලංගු වුණා.

සිය ගැටළුවලට විසදුම් ලබාදෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරත වන බවයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ.