Wednesday, February 26, 2025

General line - 0115112241

ගං වතුරෙන් පීඩාවට පත් සෑම නිවසකටම රුපියල් 10,000ක්



අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගං වතුරට හසු වූ සෑම නිවසකටම රුපියල් 10,000ක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

එමෙන්ම අර්ධ හානි සහ පූර්ණ හානි සිදුවූ නිවාස පිළිබඳව ද සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි ඔහු නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙන්නේ.

ගං වතුරෙන් බලපෑමට ලක්වූ කඩුවෙල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.