Wednesday, February 26, 2025

General line - 0115112241

අ.පො.ස. සා/පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ඇරඹේ



පසුගිය මැයි මස පැවැති 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු දින කිහිපයකින් ප්‍රමාද කිරීමට සිදුවූ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

ඒ අනුව පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කිසිදු ගැටලුවකින් තොරව ආරම්භ කර ඇති අතර මෙම මස 17 වනදා දක්වා මධ්‍යස්ථාන 101ක දී පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවනවා.

මේ අතර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයඳුම් පත් කැඳවීම ද මේවන විට සිදු කෙරෙනවා.

මෙම මස 19 දක්වා නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් කැඳවීමට නියමිතයි.