Wednesday, February 26, 2025

General line - 0115112241

ජනපතිට ඉන්දියාවේ දී උණුසුම් පිළිගැනීමක්



අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට  පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළගා විය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක  ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ෂෙනුකා සෙනෙවිරත්න විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් අතර ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන ආකාරයේ නර්තනාංගයක් ද පැවැත්විණි.