Wednesday, February 26, 2025

General line - 0115112241

මෙක්සිකෝවේ කලපුවක මසුන් දහස් ගණනක් මියයයි



මෙක්සිකෝවේ උතුරු ප්‍රාන්තයේ චිහුවාහුවා කලපුවේ මියගිය මසුන් දහස් ගණනක් ගොඩගසා තිබෙනවා.

 පවතින වියළි කාලගුණය නිසා  මෙලෙස මසුන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් කලපුවේ ජල මට්ටම අනතුරුදායක ලෙස පහත වැටී ඇති බවයි වාර්තා කරන්නේ.

2011 වසරේ සිට මෙක්සිකෝවේ සියයට 90ක පමණ ප්‍රදේශවලට නියඟයේ දැඩි බලපෑම් එල්ලවෙමින් පවතිනවා.

මේ හේතුවෙන් චිහුවාහුවා ප්‍රාන්තයේ  කෘෂිකර්මාන්තයේ නිරත බොහෝ පිරිස් එම ප්‍රදේශ ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එසේම වියළි කාලගුණය නිසා ගවයන්, බූරුවන් ඇතුළු පශු සම්පත් ද විනාශ වෙමින් පවතින බවත් මියගිය මසුන් හේතුවෙන් රෝග පැතිරීම මගින් මහජන සෞඛ්‍යයට අනතුරක් විය හැකි බවයි එරට රජය සදහන් කලේ.