ජාතික ජන බලවේග රජයක් යටතේ අසාධාරණයට ලක්වූ සියලුම පොලිස් නිලධාරින්ට සාධාරණයක් ඉටුකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
එමෙන්ම පොලිසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් ස්ථාපිත කළයුතු බවයි විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ එම විශ්‍රාමික පොලිස් සාමූහික සමුළුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරු මෙන්ම විශ්‍රාමික පොලිස් නිලධාරිවරුන් විශාල පිරිසක් ද එක්ව සිටියා.