සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජනා කර ඇති ආර්ථික කමිටු විවාදය සහ නායකයින් අතර විවාදයට ස්ථිර වශයෙන්ම දින දෙකක් ලබාදෙන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවසන් වරට ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටින්නේ.
විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ අනිවාර්යයෙන්ම විවාද දෙකටම සූදානම් නම් තම පාර්ශවය ඕනෑම අවස්ථාවකදී එම විවාදයන් වලට සූදානමින් සිටින බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සමඟ පැවැත්වීමට නියමිතව තිබූ විවාදය මඟහැරියා සේ ජනාධිපතිවරණය මඟහැරීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන මාසයේදී ප්‍රකාශයට පත්කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ.
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් යළිත් ස්ථිර ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ නිර්මාණය කිරීමට පවතින රජය උත්සාහ කරමින් සිටින බවයි හිටපු අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ.