2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.
මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වර්ෂයක් බැවින් මීට පෙරද එවැනි අවස්ථාවලදී අතුරු සම්මත ගිණුම් සම්මත කරගෙන තිබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
පවතින රජයට වාසිදායක වන ආකාරයෙන් අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණද සියලු පාර්ශවයන්ට සාධාරණය ඉටුවන අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.