Wednesday, February 26, 2025

General line - 0115112241

නීති දැඩි කර ආපදා අඩුකිරීමට අවධානය



ආපදා අවදානම් අවම කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ ඇති සියලුම ආයතනවලට උපදෙස් ලබාදී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව පරිසරයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසය එම ආයතනවලට උපදෙස් දී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් පැවසුවේ.


ක්ෂණික ගං වතුර තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා ජනතාවට ද දායකත්වය ලබා දිය හැකි බව ඔහු පෙන්වා දුන්නා. 

මේ අතර පසුගිය දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාසවලට සිදුවූ පූර්ණ හානි සහ අර්ධ හානි සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය බලධාරින් මේවන විටත් ගණනය කිරීම් සිදුකරමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් වැඩිදුරටත් පැවසුවේ.