ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ තවදුරටත් රැඳී සිටින බව එම පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වූ යම් කණ්ඩායමක් ජනතාව ඒකරාශී කර ගනිමින් මහජන රැලි පැවැත්වුව ද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිසේත්ම හානිදායි නොවන බවයි ඔහු පැවසුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව යම් කණ්ඩායමක් නව සන්ධානයක් ආරම්භ කළ ද එය පක්ෂයට අභියෝගයක් නොවන බවයි එම පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් පැවසුවේ.