පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයේදී කාගේත් අවධනය හිමිවූ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ක්‍රිකට් තරගය පැවැත්වෙන අතරතුර නිව් යෝර්ක් ක්‍රීඩාංගනයට ඉහළින් කුඩා ගුවන් යානයක් පියාසර කර ඇති බවයි.
එම ගුවන් යානය මගින් පණිවිඩයක් ප්‍රදර්ශනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
යානය මගින් බැනරයක් වැනි යමක් ක්‍රීඩාංගනයට ඉහළ අහසේ ප්‍රදර්ශනය කර ඇති අතර "ඉම් රාන් ඛාන් නිදහස් කරනු" යනුවෙන් එහි සටහන්ව තිබුණි.
පකිස්තානයේ හිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද වන ඉම්රාන් ඛාන් 2018 සිට 2022 දක්වා පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඔහු 2023 අගෝස්තු මාසයේ සිට ටොෂාකානා නඩුව, කේතාංක නඩුව සහ ඉස්ලාම් විරෝධී විවාහ නඩුව ඇතුළු විවිධ චෝදනා මත අඩියාලා බන්ධනාගාරයේ සිරගත කර සිටියි.