Friday, March 28, 2025

General line - 0115112241

හුංගම හාඩ්වෙයාර් හිමිකරුගේ මරණයට හේතු සොයා විමර්ශන



හුංගම, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළක හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔහු සිය ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ පළමු මහළේ සිට බිම් මහළට බැස ඇති අවස්ථාවේ වෙඩි වැදීමකට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.