Friday, March 28, 2025

General line - 0115112241

වසර හයක් අධිකරණය මග හරිමින් සිටි  කාන්තාවක් අත්අඩංගුවට

ලලිත් චාමින්ද



වසර හයක පමණ කාලයක් අධිකරණය මග හරිමින් සිටි  කාන්තාවක් ගාල්ල බලගොඩ ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදිවියේ පසුවන කාන්තාවක්.

2016 වසරේදී  පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මගින් නියම කළ දඩ මුදලක් නොගෙවා සැකකාරිය අධිකරණය මගහැර සිටි බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිද්ධියෙන් පසු එම කාන්තාව ගාල්ල, බලගොඩ ප්‍රදේශයෙන් පලාගොස් කළුතර නාගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලීසියට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව පෝද්දල පොලිසිය විසින් උපක්‍රමශීලීව අදාළ කාන්තාව  බලගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු  පැවසුවේ.