නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට බංග්ලාදේශය නිල ආරාධනයක් සිදු කර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමත් සමඟ ඉදිරියේදී නව රජය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කිරීමට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා කැමැත්ත පළ කළ බව බංග්ලාදේශ විදේශ අමාත්‍ය මුහම්මද් හසන් මහමුද් ප්‍රකාශ කර ඇති බවයි.
නරේන්ද්‍ර මෝදි සහ ෂෙයික් හසීනාගේ පාලන තන්ත්‍රය තුළ ඉන්දු - බංග්ලාදේශ සබඳතා වඩාත් ශක්තිමත් වී තිබේ.
නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉකුත් 08 වනදා ඉන්දියාවට පැමිනි බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය එම සංචාරය නිම කිරීමට නියමිතව ඇත්තේ අද දිනයේදීයි.
එම කාලය අතරතුර ඇය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය නව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.
සබඳතා ශක්තිමත් කිරීම සඳහා අනාගතයේදී නව රජය සමඟ කටයුතු කිරීමට ද ෂෙයික් හසීනා කැමැත්ත පළ කර ඇත.